මැණික් කොල්ලයේ 4 වන සැකකරුත් අත්අඩංගුවට

Friday, 20 February 2015 - 13:05

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීට මාස 10කට පමණ පෙර දෙහිවල ප්‍රදේශයේ සිදු වූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ තවත් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශ අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙස සොරාගත් මැණික් ගල් කිහිපයක් විකිණීමට ගල්කිස්ස ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේදී. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ.

පසුගිය වසරේ අප්‍රේල් මස 11 වැනිදා පිරිසක් මැණික් ගල් මිලදී ගැනීමේ අරමුණින් දෙහිවල තිස්ස මාවත ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබෙනවා. ඔවුන් මෙම නිවසින් මැණික් ගල් කිහිපයක් සොරාගෙන පළාගොස් ඇති අතර ඔවුන් ද මැණික් ව්‍යාපාරයේ යෙදෙන්නන් බවට පසුව කරුණු අනාවරණය වුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories