Update: නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා

Friday, 20 February 2015 - 14:42

Update%3A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා පත් කර තිබෙනවා. නව යුද හමුදාපතිවරයා අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීමේ ලිපිය ලබා ගත්තා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර 2013 වසරේ අගෝස්තු මාසයේ සිට පසුගිය වසරේ මැයි මාසය දක්වා ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කළා. එසේම ඊට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායකයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

මේ අතර, නව යුද හමුදාපතිවරයාගේ පත්වීම අනිද්දා සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවිය ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories