තර්ජනය කළ බවට සිසුන්ගෙන් චෝදනා. දැනුවත් කළා පමණයි. - පොලීසිය

Friday, 20 February 2015 - 19:39

%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA
ඊයේ (19) රාත්‍රී 9.30ට පමණ පැමිණි 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් සරසවි භූමියෙන් පිටව යන්නැයි තමන්ට තර්ජනය කළ බව නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් චෝදනා කරනවා. එම අවස්ථාවේදී තමන් විභාගයක් සඳහා විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයන කටයුතුවල නියැලෙමින් සිටි බවයි සිසුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එහිදී පොලිස් නිලධාරීන් සිසුන්ට දන්වා ඇත්තේ මහේස්ත්‍රාත් නියෝගයක් රැගෙන තමන් මෙම ස්ථානයට පැමිණි බවයි. මිනිත්තු 5ක් ඇතුළත විශ්වවිද්‍යාල භූමියෙන් පිටව නොගියහොත් විශේෂ කාර්ය බලකාය ගෙන්වා ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ යැයි සිසුන් සඳහන් කළා.

මේ පිළිබඳව උපකුලපතිවරයා දැනුවත් කළ ද ඊට තවමත් විසඳුමක් ලැබී නොමැති බවයි නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ රැදී සිටි සිසුන් කිහිප දෙනෙකුට ඉන් ඉවත් වන ලෙස දැනුවත් කිරීමක් පමණක් පොලීසියෙන් සිදුකර ඇති බවයි.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද දහවල් රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ, එම විශ්වවිද්‍යාලයට මේ වසර තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කර ඇති බව පවසමින්.

එසේම උප කුලපතිවරයාට තනතුරෙන් ඉවත් වන ලෙසට ලිඛිතව දැනුම් දීමක් සිදුකළ ද තවමත් ඔහුගෙන් නිසි ප්‍රතිචාරයක් නොමැති බව කොඹළ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ  සමිති සම්මේලනය පවසනවා. එහි සාමාජික ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති කුමාර හිරිඹුරේගමට විරෝධය පළ කරමින් ඊයේ දිනයේදී සරසවි ඇඳුරන් නිහඬ විරෝධතාවක ද නිරත වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories