මෙරට මිනිස් ජාවාරම්කරුවන්ට ඕස්ට්‍රේලියාවෙන් පණිවුඩයක්

Saturday, 21 February 2015 - 10:34

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස  ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් නැවත පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර නීතියට අනුකූල බව එරට රජය අවධාරණය කළා.  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍ය පීටර් ඩටන් මේ බව කියා සිටියේ එලෙස මුහුද මැදදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමේ සිද්ධිය පිළිබද අදහස් දක්වමින්.

නීති විරෝධී සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය සමග පවත්වන සාකච්ඡා පිළිබඳ දැඩි විශ්වාසයක් පවතින බවත්,  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු වැඩිදුරටත් සදහන් කළේ කොතෙක් පියවර ගනු ලැබූව ද මිනිස් ජාවාරම්කරුවන් ඔවුන්ගේ උත්සාහයන් අත්හැර නොමැති බවයි. මෙම අපරාධ කල්ලි නීති විරෝධී සංක්‍රමණිකයන්ගෙන් මුදල් ඉපැයීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. එහෙත් එලෙස පැමිණෙන කිසිවෙකුට  ඕස්ට්‍රේලියාවේ රැකවරණ ලබා නොදෙන බවයි සංක්‍රමණික අමාත්‍ය පීටර් ඩටන් ප්‍රකාශ කළේ. නීතිවිරෝධී මුහුදු ගමන් සඳහා යොදවන මුදල් අපතේ යන බවට ප්‍රබල පණිවුඩයක් ලබාදීම තම අරමුණ බවත්, ඔහු අවධාරණය කළා.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේදී ජාත්‍යන්තර නීතියට මෙන්ම  ඕස්ට්‍රේලියානු නීතියට අනුකූලව එය සිදුකෙරෙනවා. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීමේදී මෙරටට බලපාන නීති සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියාව අවබෝධයෙන් කටයුතු කරන බවයි සංක්‍රමණික අමාත්‍ය පීටර් ඩටන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories