ජාතික ආණ්ඩුව අසීරු ඉලක්කයක් - නිදහස් පක්ෂ මහ ලේකම්

Saturday, 21 February 2015 - 19:11

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයන් වෙන් වෙන් වශයෙන් හමුවී ඉදිරි මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමට එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේ මහනුවරදී අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා වූ සුසිල් ප්‍රේමජයන්ත, මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ භාණ්ඩාගාරික එස්.බී.නාවින්න අද (21) ශ්‍රී දළඳා වහන්සේ වැඳපුඳාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි මහනාහිමිවරුන් බැහැ දුටුවේ.

අනතුරුව ජාතික ආණ්ඩුවක් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සඳහන් කළේ ජාතික ආණ්ඩු යනු අසීරු ඉලක්කයක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories