ව්‍යාපාරික රවී වෙත්තසිංහ රිමාන්ඞ්

Sunday, 22 February 2015 - 7:40

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
රටින් පිටවීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරික රවී වෙත්තසිංහ 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ, ඊයේ සවස මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කම්කරු නීතිරීති කඩකිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික රවී වෙත්තසිංහට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා. ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානවල සේවකයන්ට සේවක අර්ථසාධක මුදල් නොගෙවීම සම්බන්ධයෙනුයි මෙම චෝදනා එල්ලවී තිබුණේ.

වසර 10 ක ට ආසන්න කාලයක් තිස්සේ විදේශගතව සිටි රවී වෙත්තසිංහ මෙරටට පැමිණියේ  මීට දින දින කිහිපයකට පෙරයි. පෙරේදා යළි විදේශගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ ඔහු ආගමන විගමන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පසුව ව්‍යාපාරික රවී වෙත්තසිංහ වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක පොලිසිය වෙත භාරදෙනු ලැබුවා.  

මේ අතර, විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ සම්බන්ධයෙන් රහස් පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අංශ කිහිපයක් ඔස්සේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. නීතිවිරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණා. පසුව මේ සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කළ පොලිසිය අදාළ විමර්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත වාර්තාවක්ද යොමුකර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories