අවි පෙන්වා, බිය ගන්වා සිදුකළ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ හත්දෙනෙකුගෙන් යුත් කල්ලියක් ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් අනුවයි මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද මොවුන් කොල්ලකෑමක් සිදුකර වෑන් රථයකින් පළා යමින් සිටි බවට අනාවරණ වී තිබෙනවා. මොවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 30 ක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Follow US
Most Viewed Stories