Update: මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට

Sunday, 22 February 2015 - 17:09

Update%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් අද (22) පස්වරුවේ එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය වාර්තා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම් කඳවුරක් වන දූනින්දූ දූපතට යොමුකර ඇති බවයි. මීට පෙර ද හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඞ්, 2013 වසරේදී ද අත්අඩංගුවට ගැණුනා. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ අතිවිශාල පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට මේ වනවිට රැදී සිටින බවයි මාලදිවයින මාධ්‍ය සඳහන් කළේ. ඔවුන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගෙන ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. මීට අමතරව හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සහ වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එල්ල වන ත්‍රස්තවාදී චෝදනා වලට අදාළ නඩුව ද හෙට දිනයේදී කැදවීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.



Update: Sunday, 22 February 2015 - 07:27 PM
--------------------------------------------------------

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් අද පස්වරුවේ එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය වාර්තා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම් කඳවුරක් වන දූනින්දූ දූපතට යොමුකර ඇති බවයි. මීට පෙර ද හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් 2013 වසරේදී ද අත්අඩංගුවට ගැණුනා. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ අතිවිශාල පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට මේ වනවිට රැදී සිටින බවයි මාලදිවයින මාධ්‍ය සඳහන් කළේ. ඔවුන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගෙන ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories