ජාතික ආණ්ඩුවකට ශ්‍රී.ලං.නි.ප.යේ සහය

Monday, 23 February 2015 - 8:16

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD%E0%B6%82.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියටත් වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවය පළ කර තිබෙනවා. ඊට අදාළව තම පක්ෂයේ කොන්දේසි එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට පක්ෂ නායකත්වයට භාර දී ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මඟ මැයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා කටුනායකදී පැවැති දෙදින විශේෂ වැඩමුළුව ඊයේ අවසන් වුණා. එහිදී මෙම තීරණවලට එළඹි බව එම පක්ෂයේ උප සභාපතිවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ සඳහන් කළා. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට යා යුතු බවටත්, මැතිවරණ සංශෝධනයක් නොමැතිව මැතිවරණ පැවැත්වීම සුදුසු නොවන බවටත්, මෙම වැඩමුළුවේදී තීරණය වී තිබෙනවා. එමෙන්ම 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනසක් අවශ්‍ය නොවන බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories