මෙක්සිකානු චිත්‍රපට අධ්යක්ෂ ඇලෙන්ඩ්රෝ බොන්සාලේස් ඉනාරිටු අධ්‍යක්ෂණය කළ බර්ඞ් මෑන් හෙවත් කුරුළු මිනිසා චිත්‍රපටයට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවුණා. වසරේ හොඳම අධ්යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානය හිමිකරගත්තේද ඔහු විසින්. බ්‍රිතාන්‍ය සිනමා නළු එඞී රෙඞ්මේන්, තියරි ඔෆ් එව්රිතින් චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා. ස්ටිල් ඇලිස් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම සිනමා නිළියට හිමි සම්මානය දිනාගත්තේ ජූලි ඈන් මෝර් විසින්. ඔස්කාර් නැත්නම් ඇමරිකානු සිනමා ඇකඩමි සම්මාන උළෙල හොලිවුඞ් පුරයේ ඩොල්බි රඟහලේදී මෙවර පැවැත්වුණේ 87 වන වරටයි.
Follow US
Most Viewed Stories