ශ්‍රී ලංකාව පිළිබඳ ජිනිවා වාර්තාව කල් දැමීමට ටී.එන්.ඒ. විරෝධය

Monday, 23 February 2015 - 19:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ප්‍රමාද නොකර මාර්තු මාසයේම ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනය - නීර්වේලි හි අද පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම වාර්තාව මාර්තු මාසයේම ඉදිරිපත් කළ යුතු බවට බල කරමින් යාපනයේ සරසවි සිසුන් හෙට (24) විරෝධතාවක් පවත්වන බවයි. ඊට තම සන්ධානයේ සහාය ද ලබාදෙන බව ඔහු කියා සිටියා.

ලබන මස ජිනිවා නුවර දී එළිදැක්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම පමා කිරීම සඳහා පසුගිය දා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කැමැත්ත පළ වුණා. ඒ අනුව එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ 30 වන සැසි වාරයට ඉදිරිපත් කිරීමටයි ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු නිර්දේශ කර තිබුණේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම තීරණයත් සමඟ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විසින් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර තිබුණා.          

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories