කැටපත් පවුරේ ආරක්ෂාවට වීදුරු ආවරණයක්

Tuesday, 24 February 2015 - 8:05

%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා. විෂය භාර අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක කියා සිටියේ කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා ඝන වීදුරු ආවරණයක් යෙදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

කුරුළු වසුරු සහ සංචාරකයින්ගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති කැටපත් පවුර නිරීක්ෂණය කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඊයේ (23) පස්වරුවේ සීගිරියේ සංචාරයක නිරතවනවා. ඔහුත් සමග විද්වත් කණ්ඩායමක්ද සීගිරියට ගොස් කැටපත් පවුර නිරීක්ෂණය කර තිබෙනවා.

සීගිරිය කැටපත් පවුරේ කොටසකට නැවත වරක් කුරුළු වසුරු වැටීමට පටන් ගෙන ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය යළිත් වරක් අනාවරණ කළේ පසුගිය 16 වැනිදායි. මීට වසර කිහිපයකට පෙරද මේ ආකාරයට කැටපත් පවුර මත කුරුළු වසුරු වැටීම හේතුවෙන් එය අපවිත්‍ර වූ අතර පසුව ඒවා ඉවත් කිරීමට පුරාවිද්‍යා බලධාරින් කටයුතු කළා.

මේ අතර, පසුගිය 14 වැනිදා සීගිරිය නැරඹීමට ගිය මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් කැටපත් පවුරට හානි කිරීම කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.













ඡායාරූප - කාංචන කුමාර ආරියදාස


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories