සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

Tuesday, 24 February 2015 - 8:07

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
මෙරට ජාතික සංහිදියාවක් ඇති කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය නැවත පණ ගැන්වීමට ගෙන ඇති පියවර සිංගප්පූරුවේ ප්‍රසාදයට ලක්වුණා. මෙරට සංචාරයක නිරත වන සිංගප්පුරු විදේශ කටයුතු සහ නීතිය පිළිබද අමාත්‍ය කේ. ශන්මුගම්, විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ ඊයේ (23) පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ දේශීය ආයතනවල විශ්වසනීයත්වය සහ ස්ථාවරභාවය සුරැකීමට නව රජය පියවර රැසක් ගෙන ඇති බවයි.

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණියේ නව රජය පත්වීමෙන් පසු මෙරටට පැමිණි ඉහළම පෙළේ සිංගප්පූරු නියෝජිතයා ලෙසයි. ශ්‍රී ලංකාව සමඟ පවතින ද්වි පාර්ශවික සබඳතා ස්ථාවර ලෙස ශක්තිමත් කිරීම තම රජයේ අරමුණ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා - සිංගප්පූරු සබඳතා අඛණ්ඩ සම්බන්ධතාවක් ලෙසයි ඔහු හැදින්වූයේ. මෙරට සංවර්ධන සහ සංහිදියා ක්‍රියාවලියට සිංගප්පූරුවෙන් ලැබෙන සහාය පිළිබද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මෙහිදී ප්‍රසාදය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම්, ගබඩාකරණය, අඩුමිල නිවාස, පොදු කළමනාකරණ කටයුතු සඳහා ආයෝජනය කිරීමට සිංගප්පූරුව සූදානම් බවත් එරට විදේශ අමාත්‍ය කේ. ශන්මුගම් ප්‍රකාශ කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories