Update: කුරුවිට ලොරි අනතුරකින් කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු මරුට

Tuesday, 24 February 2015 - 9:15

Update%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පුද්ගලයන් තුන්දෙනෙකු මරුමුවට පත් කරමින් රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට ප්‍රදේශයේදී අද (24) අලූයම සිදුවූ රිය අනතුරට හේතුව අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම බව පොලීසිය පවසනවා. මෙම අනතුරෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර ඒ අතුරෙන් කාන්තාවක ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී තුවාල ලැබූ  අනෙක් පස්දෙනා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් අයෙකු මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ තත්ත්වය බරපතල වීම හේතුවෙන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොළඹ - රත්නපුර මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක, රත්නපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ලොරි රථයෙන් තේ කම්හලට ගමන් ගනිමින් සිටි පිරිසක්.

Update: Tuesday, 24 February 2015 - 12:45 PM
.............................................................
කුරුවිට රිය අනතුරකින් තිදෙනෙකු මරුට

රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට ප්‍රදේශයේදී අද (24) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී තුවාල ලැබූ  5 දෙනෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොළඹ - රත්නපුර මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක, රත්නපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් තේ කම්හලක සේවය සඳහා ගමන් කරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී බරපතල තත්ත්වයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ. තුවාල ලැබූ අනෙක් 5 දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories