උපත් පාලන කොපුවකින් රන් කාසි 13ක් මතුවෙයි

Tuesday, 24 February 2015 - 11:25

%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92+13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රන් කාසි 13ක් උපත් පාලන කොපුවල අසුරා ගිල, ඉන්දියාවේ කොචි නුවරට පසුගිය සෙනසුරාදා පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ඉන්දීය රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපහසුතාවක් පෙන්නුම් කිරීම නිසා සැක සිතී ප්‍රශ්න කිරීමේදී මොහු සදහන් කර ඇත්තේ තමා රන් කාසි ගිල ඉන්දියාවට රැගෙන ඒමට තැත් කළ බවයි. පසුව රෝහල්ගත කර ඔහුගේ සිරුරේ තිබූ රන් කාසි ඉවත් කර ඇති බව සඳහන්. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ එම රන් කාසි උදරයේ සිර වූයේ නම් ඔහුට අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවයි. සැකකරු ළඟ තිබී තවත් රන් කැබලි දෙකක් සහ රන් දම්වැළක් ද සොයාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories