Update: මිලේනියම්සිටි මරණයට සම්බන්ධ 5ක් අල්ලයි

Tuesday, 24 February 2015 - 13:35

Update%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අතුරුගිරිය - මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තිබී වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුර සොයාගැනීමේ සිද්ධියට අදාළව මේ වනවිට පස්දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන්කළේ මරණකරු සමග සිටි ඔහුගේ යහළුවන් පස්දෙනෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි. මියගිය පුද්ගලයා 22 හැවිරිදි නාමල් ක්‍රිශාන්ත නැමැත්තෙකු බවට දැනට හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ සිරුර අසල තිබී පිස්තෝලයක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

...................................................................................................................................................................................

මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ තිබී වෙඩි වැදුණු මළ සිරුරක්

අතුරුගිරිය - මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තිබී වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් අද (24) සොයාගෙන තිබෙනවා. අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි. මියගොස් සිටින තරුණයා අතුරුගිරිය - ශාන්තාලෝකගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories