රාවණා බලය නව රජයට රේස් බයි රේස් සිහිකරයි

Wednesday, 25 February 2015 - 18:22

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කැසිනෝ සඳහා පැනවූ බදු රේස් බයි රේස් , සූදු ඔට්ටු සඳහා ද පැනවිය යුතු බව රාවණා බලය සංවිධානය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පසුගියදා පාර්ලිමේන්තුවට රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටයි කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේ. රේස් බයි රේස් පිළිබඳව ආණ්ඩුව අමතක කළා ද එසේ නොමැතිනම් ආණ්ඩුවට අමතක වුණා ද යන්න උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කළා.

මේ අතර, ඊයේ රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගෙන් ද රේස් බයි රේස් සූදු ඔට්ටු තැබීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ රේස් බයි රේස් තහනම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් තමා ඊට අත්දෙකම ඔසවා එකගත්වය පළ කරන බවයි.

පසුගිය කාලසීමාව පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රේස් බයි රේස් සූදු ඔට්ටු තැබීමේ මධ්‍යස්ථානවලට විරෝධය පළ වුණා. ප්‍රදේශවාසී මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික පූජකතුමන්ලා ද ජනතාව සමග එම විරෝධතාවලට මුල්තැන ගැනීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories