UN හි ජෙෆ්රි ෆෙල්ට්මන් දිවයිනට

Wednesday, 25 February 2015 - 19:33

UN+%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B7%99%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92+%E0%B7%86%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය භාර මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණෙනවා. ඔහු එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජගත් සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනය කළේ. එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය භාර මහ ලේකම්වරායගේ පළමු ශ්‍රී ලංකා සංචාරය ද මෙය වනවා. ඔහු සිය ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ප්‍රතිසන්ධානය, වගවීම සහ ජගත් සංවිධානය ශ්‍රී ලංකාව සමග ඇති කරගෙන තිබෙන සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි ජගත් සංවිධානයේ කොළඹ කාර්යාලය තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories