පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රා.සභා ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන්

Thursday, 26 February 2015 - 7:47

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ අදාළ ප්‍රදේශවල අද (26) මධ්‍යම රාත්‍රිය දක්වා මැතිවරණ කාර්යාල පමණක් පවත්වාගෙන යා හැකි බවයි.

මෙම මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වනවිටත් බෙදාහැර අවසන් කර ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක තවදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගිය මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories