කේ.පී.ට රටින් පිටවීමේ තහනම අඛණ්ඩව

Thursday, 26 February 2015 - 13:03

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කිරීමට මාස 6 ක කාලයක් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ, කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවරා තිබූ නඩුව අභියාචනාධිකරණයේදී අද යළිත් විභාගයට ගත් අවස්ථාවේදියි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම්දුන්නේ කේ.පීට එරෙහිව චෝදනා 193 ක් සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවයි.  එහි විමර්ශන කටයුතු අවසන් කිරීමට අවම වශයෙන් මාස 6 ක කාලයක් ගතවනු ඇති බවත් නීතීඥවරු අභියාචනාධිකරණයට දැනුම්දුන්නා.

කේ.පී. සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට මීට  පෙර දැනුම්දී තිබූ අතර එය පසුගිය 19 වැනිදා පැවති නඩු වාරයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් අද ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනුයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥයින් මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දැනුවත් කර ඇත්තේ.

කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මෙම නඩුව අගෝස්තු මස 31 වැනිදා දක්වා කල් තැබූ අතර විමර්ශන අවසන් වනතුරු කේ.පී.ට රටින් පිටවීම වළක්වාලමින් ලබාදී තිබූ තහනම් නියෝගයද දීර්ඝ කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories