රේස් බයි රේස් නතර කරන්න

Thursday, 26 February 2015 - 21:45

%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රේස් බයි රේස් සූදු ව්‍යාපාරය වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනතාව පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ රේස් බයි රේස් සූදුව වර්තමානයේ ප්‍රබල ගැටලූවක් බවට පත්ව ඇති බවයි. රේස් බයි රේස් සූදු ව්‍යාපාරය පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද පෙරේදා අවධාරණය කළේ රේස් බයි රේස් සූදු ව්‍යාපාරය නතර කළ යුතු බවයි.

මේ අතර, පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රේස් බයි රේස් ඔට්ටු තැබීමේ මධ්‍යස්ථානවලට ජනතා විරෝධය එල්ල වුණා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක රේස් බයි රේස් ඔට්ටු තැබීමේ සූදු මධ්‍යස්ථාන ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. එහිදී මහා සංඝ රත්නය මෙන්ම සර්ව ආගමික පූජකතුමන්ලා ද ජනතාව සමඟ විරෝධතාවලට මුල්තැන ගැනීම විශේෂත්වයක්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories