සජින් ද වාස්ට කවුදෝ හූ කියලා

Thursday, 26 February 2015 - 22:04

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%E0%B7%9D+%E0%B7%84%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන සහ  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් තිදෙනා අයථා ක්‍රමවලින් මුදල් රැස් කරගෙන ඇති බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

මේ අතර, කොස්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීමේ උත්සවයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා.

බලපිටිය ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කුෂාන්ත මෙන්ඩිස් සහ බලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කමල් ජයන්ත ද සොයිසා යන මහත්වරුන් ද එම උත්සවයට පැමිණ සිටියා.

මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සභාව අමතන අතර වාරයේ බාධා රැසක් එල්ලවී උණුසුම් තත්වයක් ඇතිවුවා

එම අවස්ථාව පහතින්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories