සීමාව පසු කළ ඉන්දීය ධීවරයින් 86 ක් දැලේ

Friday, 27 February 2015 - 8:28

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+86+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධිවරයන් 86 දෙනෙකු නාවික හමුදාව ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ධීවරයන් රැගත් බෝට්ටු 10 ක් මෙලෙස නැගෙනහිර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. පසුගිය කාලය තුළ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම අවම වී තිබූ අතර, මේ වසර තුළ එලෙස අත්අඩංගුවට ගැනීම් කිසිවක් වාර්තා වූයේ නැහැ.

මේ අතර, ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකික ධීවරයන් 19 දෙනෙකු පසුගිය 24 වැනිදා ඉන්දීය බලධාරීන් අත්අඩංගුවට ගත්තා. කෙසේ නමුත් ඔවුන් නිදහස් කරන ලෙස ඉන්දීය බලධාරින් නියෝග කර ඇති බව සඳහන්. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව දෙරට භාරයේ සිටි සියලූම ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කිරීමෙන් පසුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories