ඔස්කාර් සම්මාන දිනූ නිළියගේ මුතු සළුව අතුරුදන්

Friday, 27 February 2015 - 11:04

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පසුගිය ඉරිදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනූ ලූපිටා නියොන් ගේ ඇමෙරිකානු ඩොලර් 150,000 ක් වටිනා ඇඳුම ඇගේ හෝටල් කාමරයෙන් අතුරුදන් වී තිබෙනවා. ඔස්කාර් සම්මාන උළෙලට සහභාගි වීම සඳහා සුප්‍රකට නිර්මාණ ශිල්පී කැල්වින් ක්ලයින් නිමවූ මෙම ඇඳුමට ස්වභාවික මුතු 6000 ක් අල්ලා තිබූ බව සඳහන්. කෙන්යානු ජාතික කාන්තාවක වන ඇයට හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමිවූයේ 12 වසරක් වහළියක ලෙස නැතිනම් ටුවෙල්ව් ඉයර්ස් අ ස්ලේව් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්. ඇය නතර වී සිටි හොලිවුඞ් පුරයේ ලන්ඩන් හෝටලයේ කාමරයෙන් නික්ම ගොස් සිටි මොහොතක මෙම වටිනා සළුව අතුරුදන්වී ඇති අතර දැන් ආරක්ෂිත කැමරා පරීක්ෂා කොට එය සෙවීමට උත්සාහයක් ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories