Update: පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු පුංචි ඡන්දය අත්හිටුවයි

Friday, 27 February 2015 - 13:43

Update%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ මුලතිව් - පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශේ්‍ෂ්ඨාධිකරණය අද (27) වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මෙම ජන්ද විමසීම අත්හිටවූ බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයන් පිරිසක් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේ මෙම ජන්ද විමසීම පැවැත්වීම මාර්තු 27 දක්වා අත්හිටුවීමටයි. පෙත්සම්කරුවන් කියා සිටියේ මෙම ඡන්ද විමසීම සඳහා 2011 වසරේ ජන්ද නාමලේඛණය භාවිතා කිරීම අසාධාරණ බවයි. අදාල නාම ලේඛනයේ නම් සඳහන් ඇතැම් පුද්ගලයන් මියගොස් ඇති බව සඳහන් කළ පෙත්සම්කරුවන් ජන්දය භාවිතා කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඊට ඇතුලත්ව නොමැති බවද ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරුන් 20 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබුණා.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට මුලතිව් දිස්ත්‍රික්කයට ගොස් සිටි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ. එමෙන්ම අද උදෑසන මුලතිව් මහා විද්‍යාලයේ සිට ඡුන්ද මධ්‍යස්ථාන 95ක් සදහා ඡන්ද පෙට්ටි සමඟ නිලධාරීන් පිටත් කර  හැරීම ද සිදුකෙරුණා. මෙම ඡන්ද විමසීම සදහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව 52,000ක්.  

 

Update: Friday, 27 February 2015 - 07:13 PM
-------------------------------------------------------

හෙට පැවැත්වීමට නියමිතව තිබූ මුලතිව් - මුහුදුබඩපත්තු සහ පුදිකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම මාර්තු 27 දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළා. ඒ ඡන්දදායකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඡන්ද මධ්‍යස්ථාන 97 කදී පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගෙන් සංඛ්‍යාව 52,000 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories