බෑන් කී මූන්ගේ දේශපාලන ලේකම්වරයා ශ්‍රී ලංකාවට

Saturday, 28 February 2015 - 8:41

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය භාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් දින 4ක සංචාරයක් සඳහා අද අලූයම ශ්‍රී ලංකාවට පැමිණියා. සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අද අලූයම ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ බව හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළා. එය ඔහුගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන අතර මෙම චාරිකාවේදී ඔහු මෙරට නායකයන් සමඟ දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කොළඹ එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ගෝලීය වශයෙන් සාමයට සහ ආරක්ෂාවට අදාළ වන කරුණු පිළිබදව මහලේකම්වරයා වෙත උපදෙස් ලබාදීම සඳහා පිහිටුවා ඇති ජගත් සංවිධාන දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නේ ද ඔහුයි. අප්‍රිකාව, මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ යහපාලන ක්‍රියාවලියට අදාළ දේශපාලන ක්‍රියාකාරකම් මෙන්ම ගැටුම් වැළැක්වීමේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපාය සහ සාමය ගොඩනැංවීමේ කටයුතු ඔහුගේ විෂය පථයට අයත්.

ජගත් සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව රජය යටතේ යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම කල් දැමීම ඒ සඳහා පැහැදිලි සලකුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories