ශ්‍රී ලංකාවේ ප්‍රගතිය යළි ඇමරිකාවේ පැසසුමට

Saturday, 28 February 2015 - 13:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7
නව රජය පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබමින් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එරට කොංග්‍රස් මණ්ඩලය අමතමින් යළි ප්‍රකාශ කළා. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ විදේශ කටයුතු සම්බන්ධතා කමිටුව ඉදිරියේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවනතාවක් දැන් පැහැදිලිව දක්නට ලැබෙන බවයි. කලින් නොපැවති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් මෙහි දක්නට ලැබීම පැහැදිලි වෙනසක් ලෙසයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හැදින්වූයේ. ශ්‍රී ලංකාවට මෙම පරිවර්තනය තුළින් දැවැන්ත අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ සඳහා අඛණ්ඩව සහාය වීම ඇමරිකාවේ වගකීමක් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories