Update: රහස් පොලිසියට නව අධ්‍යක්ෂවරයෙක්

Saturday, 28 February 2015 - 14:58

Update%3A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ආර්.නාගහමුල්ල පත් කර තිබෙනවා. මෙතෙක් එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.එල්.ආර් රණවීරයි. ඔහු පොලිස් මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ආර්.නාගහමුල්ල මීට පෙර කටයුතු කළේ පොලිස් මූලස්ථානයේ ගොඩනැගිලි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙසයි. එහි නව අධ්‍යක්ෂවරයා ලෙස සැපයුම් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එස්.පතිනායක පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා. පොලිස් මූලස්ථානයේ සැපයුම් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.

මහජන සාමය සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය අනුව, සේවා අවශ්‍යතා සලකා මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Update: Saturday, 28 February 2015 - 07:18 PM
....................................................................

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ආර්.නාගහමුල්ල පත් කර තිබෙනවා. මෙතෙක් එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.එල්.ආර් රණවීරයි. ඔහු පොලිස් මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories