අගමැති සිහිනයෙන් ඉවත් වෙමු - විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

Saturday, 28 February 2015 - 19:31

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය හිමිවීමට නම් අගමැති සිහිනයෙන් සියලූදෙනා ඉවත් විය යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඇතැම්විට මහ මැතිවරණය කල් යෑමේ හැකියාවක් ද පවතින බවයි.

කාලීන දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. සති අන්ත පුවත්පතක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ තමන් ප්‍රකාශ කළායැයි සඳහන් වූ කරුණු කිහිපයක් පිළිබඳ අදහස් දැක්වූ ඔහු ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙහිදී සඳහන් කළා.

අනතුරුව, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රම සංශෝධනය සහ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම යන කරුණු දෙකම එකවර සිදුවිය යුතු බවට නිදහස් පක්ෂය යෝජනා කරන බවයි. මේ පිළිබඳව කෙටුම්පතක් සකස් කිරීම සඳහා තම සභාපතිත්වයෙන් පත් කළ කමිටුව යෝජනා කළ මෙම සංශෝධන මධ්‍යම කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. තවමත් ඊට අනුමැතිය හිමිවී නොමැති බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේ එම කරුණු පිළිබඳ මෙලෙස සිහිපත් කරමින්. කෙසේ වෙතත්, විධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරීම සහ මැතිවරණ ක්‍රම සංශෝධනය යන කරුණු එකවර සිදුවිය යුතු බව ඔහු අවධාරණය කළා. ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය, අපරාධකරුවන් නිදහස් කිරීමේ බලය මෙන්ම කැබිනට් මණ්ඩලය මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලයද ඉවත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වනවිට පවතින්නේ විවිධ අදහස්. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගෙන් මෙහිදී ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ අගමැති සිහිනයෙන් සියලූදෙනා ඉවත්විය යුතු බවයි. එසේ නොමැති වුවහොත් පක්ෂය බෙදී පරාජය වනු ඇතැයි ඔහු සඳහන් කළා.   

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වන නිදහස් පක්ෂයේ යෝජනා නිසා මහ මැතිවරණය කල්යෑමට ඉඩ තිබේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විපක්ෂ නායකවරයාගෙන් විමසුවා. ඔහු කියා සිටියේ බොහෝ දුරට එසේ සිදුවිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories