රට ගොඩනැගෙන්නේ මෙහෙමයි - ජනපති

Saturday, 28 February 2015 - 19:56

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටක් ගොඩනැගෙන්නේ තම සංස්කෘතිය, අතීත උරුමය සහ දේශීයත්වය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ලොව දියුණු රටවල් දෙස බැලීමේදී ඊට උදාහරණ පවතින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 83 වන සංවත්සරය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද (28) අමතමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය සහ කලාශිල්ප ආරක්ෂා කරගෙන ඉදිරියට යාම සියලූදෙනාගේ යුතුකම සහ වගකීම බවයි. ජාතික නිදහස් අරගලයේදී ද දේශය අවදි කරන්නට කවියන් කටයුතු කළ ආකාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සිහිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories