ඉන්දුනීසියාවට ගිය ලාංකිකයන් 85 ක් අත්අඩංගුවට

Sunday, 01 March 2015 - 12:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+85+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වීසා බලපත් නොමැතිව ඉන්දුනීසියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 85 දෙනෙකු එරට සංක්‍රමණික බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ජකර්තා පෝස්ට් පුවත්පත වාර්තා කළා. උතුරු දිග සුමාත්‍රාවේ - මෙඩෑන් ප්‍රදේශයේදී ඊයේ (28) ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එහි දැක්වෙන්නේ. බෝට්ටු මාර්ගයෙන් ඉන්දුනීසියාවට ඇතුළු වූ ඔවුන් මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ඇති බව එරට ප්‍රවෘත්ති වාර්තා සඳහන් කළා. අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 85 දෙනා විශේෂ සංක්‍රමණික මධ්‍යස්ථානයක රඳවා ඇති බව සඳහන්.  ඕස්ට්‍රේලියාව බලා යාම සඳහා ඉන්දුනීසියාවට පැමිණි ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, පලස්තීන, මියන්මාර, පාකිස්තාන, තායිවාන සහ නේපාල ජාතික නීතිවිරෝධී සංක්‍රමණිකයන් 395 දෙනෙකු ඉන්දුනීසියානු බලධාරීන් පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories