Update : ව්‍යාපාරිකයාගේ සහ බිරිඳගේ මරණ පරීක්ෂණ අද

Sunday, 01 March 2015 - 19:34

Update+%3A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%AF
අම්බලන්ගොඩ - මීටියාගොඩ - කුලීගොඩ ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ කුරුඳු ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳගේ පශ්චාත් මරණ පරික්ෂණය අද බලපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතයි. මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ මෙම ඝාතනය වෙඩි තැබීමකින් සිදුකර ඇති බවට දැනට මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.

අම්බලන්ගොඩ - මීටියාගොඩ - කුලීගොඩ ප්‍රදේශයේදී කුරුඳු ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක්වූයේ ඊයේ පස්වරුවේයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ - දොඩම්විල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුනිල් ශාන්ත සහ මහදුර ප්‍රියංගනී නැමති 40 හැවිරිදි ඔහුගේ බිරිඳයි. ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර පසුගිය සෙනසුරාදා මීගොඩ ප්‍රදේශයේ අතුරුදන්වූ ව්‍යාපාරිකයා ඊයේ පස්වරුවේ නැවත නිවසට පැමිණීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. මීගොඩ පොලීසිය සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව සිටි කාලය තුළ සිදුවූයේ කුමක්ද යන්න ප්‍රකාශයක් ලබාදීමට මොහුට හැකියාවක් නොමැති බවයි. පසුගිය සෙනසුරාදා මෙලෙස අතුරුදන්වූයේ ඉඩම් වෙන්දේසි කිරීමේ ව්‍යාපාරවල නිරතවූ සුදත් චමින්ද නම් 39 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.



Update : Sunday, 01 March 2015 - 19:34
...........................................................................................................................................................................

කුරුඳු ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තියලා

අම්බලන්ගොඩ - මීටියාගොඩ - කුලීගොඩ ප්‍රදේශයේදී කුරුඳු ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා තම බිරිඳ සමග ඔහුට අයත් කුරුඳු තෙල් කර්මාන්තශාලාවට ඊයේ (01) සවස ගිය අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ - දොඩම්විල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුනිල් ශාන්ත සහ මහදුර ප්‍රියංගනී නැමති 40 හැවිරිදි ඔහුගේ බිරිඳයි. ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.



Update : Monday, 02 March 2015 - 8:10
----------------------------------
මීටියාගොඩ දී ව්‍යාපාරිකයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කරයි

අම්බලන්ගොඩ - මීටියාගොඩ ප්‍රදේශයේදී කුරුඳු ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ව්‍යාපාරිකයාට හිමි කුරුඳු තෙල් මඩුවේදී අද (01) පස්වරුවේ මෙලෙස ඝාතනය කර ඇති බවයි මීටියාගොඩ පොලීසිය සදහන් කළේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි සුනිල් ශාන්ත සහ 40 හැවිරිදි ප්‍රියංගනී නමැති ඔහුගේ බිරිඳයි. ඔවුන් මීටියාගොඩ - දොඩම්විල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

































ඡායාරූප - ඇත්කඳුරේ ජනත් ද සිල්වා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories