අතුරුදන්වූ ව්‍යාපාරිකයා ගෙදර එයි

Monday, 02 March 2015 - 8:52

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
පසුගිය සෙනසුරාදා අතුරුදන්වූ මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයා යළි නිවසට පැමිණ ඇති බව පොලීසිය පවසනවා. ඉඩම් වෙන්දේසි කිරීමේ කටයුතුවල නිරතවූ සුදත් චමින්ද නැමති 39 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් සෙනසුරාදා උදෑසන නිවසින් පිටත්ව ගොස් තිබුණා. ව්‍යාපාරිකයා නැවත නිවසට පැමිණ නොතිබූ අතර ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය සොයාගත්තේ කැළණි ගඟට නුදුරින් හංවැල්ල - ඇඹුල්ගම මංසන්ධිය අසළ තිබියදියි. ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය ද එහිදී පොලීසිය සොයාගත්තා. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයා ඊයේ සවස යළි නිවස වෙත පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ව්‍යාපාරිකයා අතුරුදන්වීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories