පොලිසියට කුණු බිත්තරවලින් ගහලා

Monday, 02 March 2015 - 9:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F
මහියංගණය - පදියතලාව මාර්ගයේ වේවත්ත හන්දියේදී පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ට එල්ලවූ බිත්තර ප්‍රහාරයට අදාළ සැකකරුවන් 6 දෙනෙකු ඊයේ අත්අඩංගුවට  ගැනුනා. මහියංගණය පොලීසිය ප්‍රකාශ කළේ අයුතු ජනරාශිය සහ පොලීසියට සාපරාධි බලහත්කාර පෑම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි. පසුව මහියංගණය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.  

තලාව හරහා දිවෙන මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන බවට පවසමින්  ඊට විරෝධය පා පසුගිය 25 වැනිදා ප්‍රදේශවාසීන් මහියංගණය - පදියතලාව මාර්ගයේ වේවත්ත හන්දියේදී උද්ඝෝෂනයක නිරතවුණා. එහිදී ප්‍රධාන මාර්ගයෙන් ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට ගත් උත්සහයේදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.  එම අවස්ථාවේදී උද්ඝෝෂනයට සහභාගිවූ ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories