Update: ශෂීන්ද්‍ර රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

Monday, 02 March 2015 - 11:28

Update%3A+%E0%B7%81%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඌව මහඇමති ධුරය අහිමි වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ, වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ, ඌව මහඇමති ධුරයට හරීන් ප්‍රනාන්දු පත් කිරීම නිත්‍යානුකූල නොවන බවට අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම අද (02) ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුවයි.               

මහඇමති ධුරය අහිමිවීමට එරෙහිව හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේ එය දෝෂ සහිත බවට නිගමනය කිරීමෙන් අනතුරුවයි. අද මෙම පෙත්සම විජිත් මළල්ගොඩ සහ එච්.පී.ජේ. මඩවල යන අභියාචනාධිකරන විනිසුරුවරුන් හමුවේ සලකා බැලූණා.

ඌව පළාත් සභාවේ වර්තමාන මහ ඇමති හරින් ප්‍රනාන්දු එම තනතුරට පත් කළ ආකාරය නීතිවිරෝධී බව සහ එය ජනතා අභිලාෂයන්ට පටහැනිව සිදුකළ පත්කිරීමක් බව පවසමිනුයි හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ අදාළ පෙත්සම ගොනුකර තිබුණේ. එහි වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලූ පිරිසක් නම් කර තිබුණා.

ජනාධිපතිවරණයත් සමග පසුගියදා ඇතිවූ බල පෙරළියේදී ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් එවකට පළාත් සභාවේ විපක්ෂ නායකව කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහ ඇමති ධුරයට පත් කළ යුතු බවට පවසමින් ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබාදුන්නා. මෙම දිවුරුම් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පළාත් සභාව තුළ විපක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාරවරයා මහ ඇමති ධුරයට හරීන් ප්‍රනාන්දු පත් කළා.



Update: Monday, 02 March 2015 - 07:14 PM
.....................................................
ශෂීන්ද්‍රගේ පෙත්සම ප්‍රතික්ෂේපයි

තමාව මහ ඇමති ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බව පවසමින් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ, පෙත්සම දෝෂ සහිත බවට නිගමනය කිරීමෙන් අනතුරුවයි. අද මෙම පෙත්සම සළකා බැලූනේ විජිත් මළල්ගොඩ සහ එච්.පී.ජේ. මඩවල යන අභියාචනාධිකරන විනිසුරුවරුන් හමුවේයි.

ඌව පළාත් සභාවේ වර්තමාන මහ ඇමති හරින් ප්‍රනාන්දු එම තනතුරට පත් කළ ආකාරය නීතිවිරෝධී බව සහ එය ජනතා අභිලාෂයන්ට පටහැනිව සිදුකළ පත්කිරීමක් බව පවසමිනුයි හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ අදාළ පෙත්සම ගොනුකර තිබුණේ. එහි වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලූ පිරිසක් නම් කර තිබුණා.

ජනාධිපතිවරණයත් සමග පසුගියදා ඇතිවූ බල පෙරළියේදී ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් එවකට පළාත් සභාවේ විපක්ෂ නායකව කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහ ඇමති ධුරයට පත් කළ යුතු බවට පවසමින් ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබාදුන්නා. මෙම දිවුරුම් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පළාත් සභාව තුළ විපක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාරවරයා මහ ඇමති ධුරයට හරීන් ප්‍රනාන්දු පත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories