සන්ධානයේ මන්ත්‍රීවරු 6 ක් විපක්ෂයට

Monday, 02 March 2015 - 13:02

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
නැගෙනහිර පළාත් සභාවේ නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 6 දෙනෙකු අද සිට එහි විපක්ෂයේ කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඒලම් අමීර්, උදුමාන් ලෙබ්බේ, විමලවීර දිසානායක, ඩබ්ලිව්.ඞී. වීරසිංහ, ටී.එම්. ජයසේන සහ ජයන්ත විජේසේකර එම මන්ත්‍රීවරුන් වනවා. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.

පසුගියදා නැගෙහිර පලාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරන හෆීස් නසීර් අහමඞ් එම ධුරයට පත් කිරීම සඳහා ආණ්ඩුකාරවරයාට මන්ත්‍රීවරුන් 20 දෙනෙකු දිවුරුම් පෙත්සම් ලබාදුන්නා. ඒ අතර සිටි මෙම මන්ත්‍රිවරුන් 6 දෙනා අද (02) ආණ්ඩුකාරවරයා මුණගැසී එම දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories