කොහෙවත් බස් රථ වර්ජන නැහැ

Monday, 02 March 2015 - 13:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පිටකොටුව - බැස්ටියන් මාවතෙන් ගමන් ආරම්භ කරන සියලූම දුරගමන් සේවා පෞද්ගලික බස් රථ ආරම්භ කළ වර්ජනය දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක බව දේශමාමක බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ ජාතික සංවිධානය පවසනවා. ඉල්ලීම් 11 ක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළ බවයි එම ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ දිවයිනේ කිසිදු ප්‍රදේශයක පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක නොවන බවයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් දුරගමන් සේවා බස් රථ පමණක් ධාවනයෙන් ඉවත් වී ඇති බවයි. නමුත් අන්තර් පළාත් බස් රථ සේවාවන් ක්‍රියාත්මක බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඊයේ  රාත්‍රි කාලයේ පිටකොටුව - බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ නැවතුම්පොලට පැමිණි බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට කිසියම් පිරිසක් බස් රථ ධාවනයෙන් ඉවත් කරගන්නා ලෙසට තර්ජනය කර තිබෙනවා.  

මේ අතර පානදුර පර්යන්තයෙන් ආරම්භවන පෞද්ගලික බස් රථ අද (02) උදෑසන ආරම්භකළ වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. බස් නැවතුම්පලේ සනීපාරක්ෂක පහසුකම් ඇතුලූ අනෙකුත් පොදු පහසුකම් සළසා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories