දළදා මාළිඟා පරිශ්‍රයේ සිංහ රුව සහිත කොඩියක් එසවීම ගැන පරීක්ෂණ

Tuesday, 03 March 2015 - 13:11

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9F%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ඔසවා තිබූ ජාතික ධජය පහත දමා සිංහ රුව සහිත ධජයක් එසවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් මීට වසර 200කට පෙර මඟුල් මඩුවේදී සිංහ ධජය එසවීම සැමරීම සඳහා සිංහලේ ජාතික පෙරමුණ සහ ස්වර්ණ හංස පදනම උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී මඟුල් මඩුවේ ඔසවා තිබූ ජාතික ධජය පහත දමා එහි සංවිධායකයින් සිංහ රුව සහිත ධජයක් එසවීමට උත්සාහ කළා.  ඒ සමඟම එම ස්ථානයට පැමිණි මහනුවර පොලීසියේ නිලධාරීන් පිරිසක් එය වළක්වාලීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී පොලිස් නිලධාරීන් සහ අදාළ උත්සවයේ සංවිධායකයින් වන ගිහි පැවිදි පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණා.





















ඡායාරූප - කමල් සුරවීර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories