Update: හිටපු මුහුදු කොටි නායිකාව කටුනායකදී අත්අඩංගුවට

Tuesday, 03 March 2015 - 15:30

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව ලෙස කටයුතු කළ මුරුගේසු පහිරදී කටුනායක ගුවන් තොටුපලෙන් ප්‍රංශය බලා යාමට පැමිණි අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් ඇයගෙන් මේ වනවිට පැය 72 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි. 1997 වසරේ සිට 2000 වසර දක්වා මුරුගේසු පහිරදී මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව ලෙස කටයුතු කර තිබෙනවා. 2005 වසරේදී ප්‍රංශයට පිටත්ව ගොස් නැවත පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයිනට පැමිණ ඈ රැඳී සිට ඇත්තේ පරන්තන් - ධර්මපුරම් ප්‍රදේශයේයි. 41 හැවිරිදි මුරුගේසු පහිරදී ගේ සැමියා වන සුබ්‍රමනියම් ජයගනේෂන් හෙවත් සාමිරාජ් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අන්තර්ජාතික මූල්‍ය පරිපාලකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

Update: Tuesday, 03 March 2015 - 06:45 PM
....................................................................

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදී කටුනායක ගුවන් තොටුපලෙන් ප්‍රංශය බලා යාමට පැමිණි අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් ඇයගෙන් මේ වනවිට පැය 72 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි. 1997 වසරේ සිට 2000 වසර දක්වා බුරුගේසු පහිරදී මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව ලෙස කටයුතු කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories