ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූල දේශීය පරීක්ෂණයකට ජගත් සංවිධානයේ සහය

Tuesday, 03 March 2015 - 18:54

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ජාත්‍යන්තර නිර්නායකවලට අනුකූලව පැවැත්වෙන දේශීය පරික්ෂණ සඳහා සහය ලබාදෙන බව  එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබද මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දින 4 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවුණා. එහිදී දෙපාර්ශවයටම වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තම සිව්දින නිල සංචාරය නිමා කළ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබද මහලේකම්වරයා  අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කළ බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව පැවැත්වීම සතුටට කරුණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා දිගු කාලයක් පුරා සබඳතා පවත්වා ගැනීම පිළිබඳවද ඔහු ප්‍රශංසාව පළ කළා. යුද සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන දේශීය පරීක්ෂණය ජාත්‍යන්තර නිර්නායකවලට අනුකූලව සිදුවීමේ වැදගත්කම ජගත් දේශපාලන ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා. ඔහු කියා සිටියේ ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් පූර්ණ සහය ලබාදෙන බවයි.

ජගත් දේශපාලන කටයුතු පිළිබද මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මීට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද හමුවී සාකච්ඡාවක නිරතවුණා. එමෙන්ම ඔහු උතුර පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සංචාරය කිරීමද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories