මුහුද බෙදලාද? විමල් අහයි

Tuesday, 03 March 2015 - 19:51

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%3F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B6%BA%E0%B7%92
මහ මැතිවරණයෙන් පසුව උතුර මුහුදු සීමාව ඉන්දියාව සමග බෙදාගැනීමේ සූදානමක් පවතීද යන්න පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ, අද  ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළා. එහි නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ එම කරුණු විමසීම සිදුකළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පත්කර ගැනීම වෙනුවෙන් එළඹෙන 6 වැනිදා මහනුවරදී පැවැත්වෙන ජන රැළිය සහ කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිළි කිරීමටයි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.

එහිිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර රටම රවටා ඇති බවයි. මෙම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ ආණ්ඩුව අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories