කල් දැමුණු ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා මාර්තු 12 වැනිදා

Wednesday, 04 March 2015 - 7:38

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+12+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F
කල් දැමුණු ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා මේ මස 12 වැනිදා පැවැත්වෙන බව ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා ඊයේ (03) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මීට පෙර ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා මාර්තු මස 5 වන දා පැවැත්වීමට නියමිතව තිබුණත් එය ලක් රජයේ ඉල්ලීම මත කල් දැමුණා.

මේ අතර විදේශීය ධීවර යාත්‍රා සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියැලීමට අවසර ලබාදී නොමැති බව ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ඊයේ යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories