Update : යෝෂිත රාජපක්ෂගෙන් සී.සී.ඩී. ය ප්‍රශ්න කරයි

Wednesday, 04 March 2015 - 8:16

Update+%3A+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පසුගියදා කුඩා ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගෙන් අද (04) ප්‍රකාශයක් ලබා ගත්තා. අද පෙරවරු 9.00 පමණ සිට පැය 3 ට වැඩි කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් මෙම ප්‍රකාශය ලබා ගත් බවයිි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.  

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී පසුගිය ජනවාරි 13 වැනිදා, මෙම කුඩා ගුවන් යානය සොයා ගැනීමෙන් අනතුරුව මුලින්ම නාරාහේන්පිට පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළා. පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම්වල වැඩි අවධානයක් යොමුවූයේ මෙම ගුවන් යානයේ හිමිකාරිත්වය පිළිබඳවයි. එහිදී අනාවරණය වූයේ මෙම ගුවන් යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ට අයත් එකක් බවයි. එමෙන්ම මෙම ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවටත් අනාවරණ වුණා.

මෙම කුඩා ගුවන් යානය නිපදවා තිබුණේ හලාවත - බංගදෙණිය - දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාර්ටිස් නමැති පුද්ගලයායි. ශ්‍රී ලාංකික කීර්තිමත් ඉංජිනේරුවෙකු හා ගඟන විද්‍යාඥයෙකු වූ රේ විජේවර්ධනට අයත් කොළඹ පිහිටි නිවසකදී අදාළ ගුවන් යානය නිපදවා තිබුණා. ගුවන් යානය නිපදවීමෙන් අනතුරුව එය හලාවත, කළුතර, කෑගල්ල ආදි ප්‍රදේශවල පියාසර කළ බවයි ගුවන් යානය නිපදවූ හැම්ලට් මාර්ටිස් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.



Update : Wednesday, 04 March 2015 - 12:49
-------------------------------------------------------
යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අද කොළඹ අපරාධ කොට්ඨාශයට කැදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොශාන්ත ද සිල්වා මෙම කරුණ තහවුරු කළා. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි යෝෂිත රාජපක්ෂට කොළඹ අපරාධ කොට්ඨාශයට කැදවා ඇත්තේ. මෙම කුඩා ගුවන් යානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයා ගත්තේ ජනවාරි මස 13 වැනිදායි. මෙම යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් යෝෂිත රාජපක්ෂට ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවට පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories