කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ස්ථීරව නතර කරන්න - පරිසර සංවිධාන

Thursday, 05 March 2015 - 9:35

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නොව ස්ථිර වශයෙන්ම නතර කිරීමට රජය පියවර ගත යුතු බව පරිසර  සංවිධාන පෙන්වා දෙනවා.

වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පසුගිය සමයේ චීන රජයේ ආධාර මත ආරම්භ කළා. කෙසේ වෙතත් පරිසර සංවිධාන සහ ඇතැම් දේශපාලන පක්ෂ ඊට විරෝධය පළ කළේ එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් පරිසරයට හානි සිදුවන බව පවසමින්.  මේ අතර පසුගිය අඟහරුවාදා මීට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව උද්ඝෝෂණයක්ද පැවැත්වූවා.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට ද එළඹීමට කටයුතු කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති ලේකම්, නීතීඥ නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවිධ සංවිධානවලින් තමන් වෙතද පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories