Update : දුම්මලසූරිය පොලීසියේදී සැකකරුවෙකු මියයෑම ගැන පරීක්ෂණ

Thursday, 05 March 2015 - 13:35

Update+%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
කුලියාපිටිය - මාදම්පේ - දුම්මලසූරිය පොලිස් ස්ථානයේ, සිරමැදිරිය තුලදී සැකකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. පවුල් ආරවුලක් මත අත්අඩංගුවට ගෙන දුම්මලසූරිය පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටි සැකකරුවෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ ඊයේ රාත්‍රි 10 ට පමණයි. මෙලෙස මියගියේ දුම්මලසූරිය ශාන්තිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සැකසහිත බවයි. මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරිය  හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිර මැදිරිය තුළ සිටි සිය සොහොයුරා බැලීමට තමන් ගිය අවස්ථාවේද ඔහුට  සියදිවි හානිකරගැනීමට තරම් ප්‍රබල හේතුවක් පෙනෙනේනට නොතිබූ බවයි. 

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/RIHacN





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories