නව මැතිවරණ ක්‍රමය ගැන සාකච්ඡා කරන්නයි එකඟ වූයේ - රජයේ අමාත්‍යවරුන්

Thursday, 05 March 2015 - 19:39

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණය, නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට තීරණය කර ඇති බව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. එහෙත් රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එවැනි තීරණයක් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය නොගත් බවයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, සියලූ පක්ෂවල අදහස් විමසීමෙන් අනතුරුව සිදුකිරීමට එහිදී එකඟතාවකට පැමිණි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවට අනුව අප්‍රේල් 23 වැනිදා ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එහි දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත මේ බව කියා සිටියේ දූෂිතයන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා යන මැයෙන් ඊයේ (04) පස්වරුවේ මහරගම පැවති ජන හමුවකට එක්වෙමින්.

දින 100 කාලය ඇතුළත මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට නොහැකිවුවහොත් එය පදනම් කරගනිමින් මහ මැතිවරණය කල් දැමීම එක්සත් ජාතික පක්ෂය අනුමත නොකරන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ප්‍රකාශ කළා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන්ද විමසීමක් කළා. මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ  හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් බවයි. කඩිනමින් එය සිදුකිරීම අසීරු කටයුත්තක් බවත් ඒ සඳහා කිසියම් කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories