අතීතයේ දැක්වූ අසමත්කම් නැවතත් සිදුවීමට ඉඩ නොදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්, ශ්රී ලංකාවට අවවාදයක් කළා. ජීනිවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 28 වන සැසිවාරය අමතමින් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ අතීතයේ වැරදි නැවත සිදුනොවීමට නම් ඒවා විසඳීමේ යාන්ත්රණයන් ජනතා සහභාගිත්වයෙන් සැකසිය යුතු බවයි. විශේෂයෙන් අගතියට පත් ජනයාගේ අදහස් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස සලකා බැලිය යුතු බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ ජීනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්.
ශ්රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාව මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය සැප්තැම්බරය දක්වා කල් දැමීම සඳහා තමා නිර්දේශ කළ බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන එම තීරණය ගනු ලැබූ බවත්, ඔහු කියා සිටියා. ජගත් මානව හිමිකම් මණ්ඩලය සමඟ නව සහයෝගිතාවකට එළඹීමට ලක් රජය ගනු ලැබූ තීරණයට අනුව තමා එම පියවර ගත් බවත්, වාර්තාව සඳහා නව තොරතුරු ලබා ගැනීමට ද එමගින් අවස්ථාවක් ලැබෙන බවත්, ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්, මෙහිදී පෙන්වා දුන්නා.
ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ලක් රජය තමාට ඇරයුම් කළ අතර, තම විශේෂ නියෝජිතයෙකුට මෙන්ම, අත්තනෝමතික පැහැර ගැනීම් සහ අතුරුදන්වීම් පිළිබඳ ක්රියාකාරි කණ්ඩායමකට සැප්තැම්බරයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 30 වන සැසිවාරයට පෙර ශ්රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදෙන බවටත්, ශ්රී ලංකාව පොරොන්දු වී ඇති බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කළේ.

Follow US
Most Viewed Stories