පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Friday, 06 March 2015 - 7:49

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A++%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කුලියාපිටිය  - මාදම්පේ  - දුම්මලසූරිය පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුලදී සැකකරුවෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති බවයි.

පවුල් ආරවුලක් මත අත්අඩංගුවට ගනු ලැබූ දුම්මලසූරිය  - ශාන්තිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුල රදවා සිටියදී ගෙල වැලලාගෙන මියගියේ පෙරේදා (04) රාත්‍රී 10ට පමණයි. මියගිය පුද්ගලයාගේ ඥාතීන් ප්‍රකාශ කළේ මෙම මරණය සැකසහිත බවයි. මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකරිවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories