හිටපු ඇමති කොමිසමට, ඉන්න ඇමතිට පැමිණිල්ලක්

Friday, 06 March 2015 - 12:02

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. වත්කම්, බැරකම් ඉපයීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාළවයි ඔහු මෙලෙස අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඇත්තේ. මීට අමතරව, වත්මන් රජයේ අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. මන්නාරම ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.කියු. ඛාන් නමැති පුද්ගලයා විසින් අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ 2004 වසරෙන් පසුව ඉපයූ වත්කම් සම්බන්ධයෙන්, සොයා බැලීමක් කරන ලෙසට පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories