ඩග්ලස් දෙමළ ඡන්ද අයිතිය ඉල්ලයි

Friday, 06 March 2015 - 12:34

%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන විදේශ ගත ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද්විත්ව පුරවැසිභාවය සහ ඡුන්ද අයිතිය ලබාදිය යුතු බව ඊ පී ඞී පී නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. මෙම යෝජනාව සහ තවත් ඉල්ලීම් 20 ක් ඇතුළත් සංදේශයක් පසුගිය 03 වැනිදා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතරතුරදී ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි ඊ පී ඞී පී නායකයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

‘‘මම ජනාධිපතිවරයාට ඉල්ලීම් 20 ක් ඇතුළත් සංදේශයක් භාර දුන්නා. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් මගින් උතුරු පළාත් සභාවට ශක්තිමත් බලතල ලබාදීම, දේශපාලන සිරකරුවන්ට පොදු සමාවදීම, දෙමළ ජනතාවගේ ගැටලූවට ස්ථිර විසඳුමක් ලබාදීම සහ යුද්ධය හේතුවෙන් විදේශ ගත වූ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පවුල්වල සාමාජිකයින් සැදුම්ලත් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් ලොව වටා ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මෙන්ම, ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදීම එම යෝජනා අතර වනවා. මේ පිළිබඳව ජනාධිපතිවරයා සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැයි මා තදින් විශ්වාස කරනවා.’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories